Ultimate magazine theme for WordPress.

ඉන්දීය සංචිතය නම් කෙරේ – ශර්දුල් වෙනුවට උමේෂ් කැදවයි

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරග දෙක සදහා වන ඉන්දීය සංචිතය අද (17) පස්වරුවේ නිවේදනය කෙරුණා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමෙන් පසුව උමේෂ් යාදෙව් සංචිතය හා එක් වන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු ශර්දුල් තාකූර් වෙනුවට සංචිතයට කැදවා ඇති අතර, තාකූර් Vijay Hazare කුසලානයට ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

Abhimanyu Easwaran, Shahbaz Nadeem සහ Priyank Panchal යන ක්‍රීඩකයින් ද Vijay Hazare කුසලානය වෙනුවෙන් නිදහස් කර ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තෙවන හා සිව්වන ටෙස්ට් තරග අහ්මදාබාද්හී දී පැවැත්වීමට නියමිතයි.

තෙවැනි තරගය ලබන 24 වනදා දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වනු ඇති. Also Read : මොයීන් අලී යළි එංගලන්තයට – අවසන් තරග දෙකත් අහිමි වෙයි

Squad : Virat Kohli (C), Rohit Sharma, Mayank Agarwal, Shubman Gill, Cheteshwar Pujara, Ajinkya Rahane (vc), KL Rahul, Hardik Pandya, Rishabh Pant (wk), Wriddhiman Saha (wk), R Ashwin, Kuldeep Yadav, Axar Patel, Washington Sundar, Ishant Sharma, Jasprit Bumrah, Md. Siraj.

Net Bowlers: Ankit Rajpoot, Avesh Khan, Sandeep Warrier, Krishnappa Gowtham, Saurabh Kumar

Standby players: KS Bharat, Rahul Chahar.

Leave a comment