Ultimate magazine theme for WordPress.

ඉන්දීය සංචිතයේ වෙනස්කම් කිහිපයක් – කෝලිට අවසන් තරග තුන අහිමි වෙයි

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයට අදාළ ඉන්දීය සංචිතවල සංශෝදන කිහිපයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පසුව නායක විරාට් කෝලිට යළි ඉන්දියාව බලා පිටත්ව යාමට අවසර ලබා දුන් බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 17 වනදා ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වන අතර, සෙසු තරග තුනම විරාට් කෝලිට මේ අනුව අහිමි වනු ඇති.

ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා සිය පළමු දරු උපත වෙනුවෙන් සූදානම්ව සිටින බැවිනුයි කෝලි මෙලෙස ඉන්දියාව බලා පැමිණීමට තීරණය කර ඇත්තේ.

මේ අතර, ආබාධයක් හේතුවෙන් මීට පෙර ඉන්දීය සංචිතයට නම් කර නොතිබුණු රෝහිට් ෂර්මා යළි සංචිතයට කැදවා තිබෙනවා.

ටෙස්ට් තරගාවලිය සදහා පමණක් ඔහුව නම් කර ඇති බැවින් ඔහුට සීමිත පන්දුවාර තරග අහිමි වනු ඇති.

ඉන්දීය 20යි 20 සංචිතය සදහා පළමුවරට නම් කෙරුණු වරුන් චක්‍රවර්තී සංචිතයෙන් මේ වන විට ඉවත් කර ඇත්තේ ඔහු ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ටී. නටරාජන් සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඉන්දීය එක්දින සංචිතය සදහා අමතර කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙස සංජු සැම්සන් නම් කිරීමට ද ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇති බව සදහන්.

ඔස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් ඉන්දීය කණ්ඩායම එළඹෙන 11 වනදා එරටට ළගා වීමට නියමිත අතර, දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

සංශෝදිත ඉන්දීය සංචිත –

T20Is:

Virat Kohli (capt), Shikhar Dhawan, Mayank Agarwal, KL Rahul (vice-capt, wk), Shreyas Iyer, Manish Pandey, Hardik Pandya, Sanju Samson (wk), Ravindra Jadeja, Washington Sundar, Yuzvendra Chahal, Jasprit Bumrah, Mohammed Shami, Navdeep Saini, Deepak Chahar, T Natarajan

ODIs:

Virat Kohli (capt), Shikhar Dhawan, Shubman Gill, KL Rahul (vice-capt, wk), Shreyas Iyer, Manish Pandey, Hardik Pandya, Mayank Agarwal, Ravindra Jadeja, Yuzvendra Chahal, Kuldeep Yadav, Jasprit Bumrah, Mohammed Shami, Navdeep Saini, Shardul Thakur, Sanju Samson (wk)

Tests:

Virat Kohli (capt), Rohit Sharma, Mayank Agarwal, Prithvi Shaw, KL Rahul, Cheteshwar Pujara, Ajinkya Rahane (vice-capt), Hanuma Vihari, Shubman Gill, Wriddhiman Saha (wk), Rishabh Pant (wk), Jasprit Bumrah, Mohammed Shami, Umesh Yadav, Navdeep Saini, Kuldeep Yadav, Ravindra Jadeja, R. Ashwin, Mohammed Siraj

Leave a comment