Ultimate magazine theme for WordPress.

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිතය නිවේදනය කෙරේ

ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා සංචිතය අද (9) නිවේදනය කරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල සිව්කොන් 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා A හා B කණ්ඩායම් මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම මෙම තරගාවලියට එක් වන සෙසු කණ්ඩායම් තුනයි.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අද රාත්‍රී කාලයේ දී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර, මෙම සිව්කොන් තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 19 වැනිදායි.

ශ්‍රී ලංකා සංචිතය –

1.Vishmi Gunaratne – (C)
2 Sanjana Kavindi
3 Umaya Rathnayake
4 Rashmi Nethranjali
5 Rashmika Sewwandi
6 Dewmi Vihanga – Vice Captain
7 Manudi Nanayakkara
8 Sumudu Nisansala
9 Pamoda Shaini
10 Vidushika Perera
11 Dulanga Dissanayake
12 Rishmi Sanjana
13 Nethmi Senarathne
14 Harini Perera
15 Vihara Sewwandi

SLC
Show Comments (1)