ඉන්දීය පළමු ඉනිම ලකුණු 202කට සීමා වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ජොහැනස්බර්ග් හී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය වැඩබලන නායක කේ.එල් රාහුල් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
නිත්‍ය නායක විරාට් කෝලි ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 202ක් පමණයි.
කේ.එල් රාහුල් ලකුණු 50ක් ලබා ගත් නමුත්, නම් දැරූ සෙසු පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.
මයාන්ක් අගාර්වල් ලකුණු 26කටත්, චෙටස්වර් පුජාරා ලකුණු 3කටත්, අජින්කෙයා රහානේ පළමු පන්දුවෙනුත් දැවී ගියා.
කෝලි වෙනුවට මෙම තරගයට ආදේශ කෙරුණු හනුමා විහාරි ලකුණු 20ක් ලබා සිටියදී දැවී ගියේ රසී වැන් ඩර් ඩුසේන් රැක ගත් සුපිරි උඩ පන්දුක් හේතුවෙන්. (දර්ශන පහතින්)
රිෂාබ් පාන්ට් ලකුණු 17ක් රැස් කළා. බිද වැටුණු ඉනිමට යම් සහනයක් ගෙන ඒමට සමත් වූ ආර්. අශ්වින් ලකුණු 46ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් කඩුලු 4ක් බිද හෙලූ අතර, ඩුවාන් ඔලිවියර් හා කාගිසෝ රබාඩා කඩුලු 3 බැගින් බිද හෙලුවා.
That @Rassie72 catch 😍 #SAvIND #FreedomTestSeries #BetwayTestSeries #BePartOfIt pic.twitter.com/TKXjau1YkZ
— Cricket South Africa (@OfficialCSA) January 3, 2022