Ultimate magazine theme for WordPress.

ඉන්දීය තරගාවලියට 10න් 9ක අවස්ථාවක් ඇතැයි ඔස්ට්‍රේලියාව කියයි

මෙම වසර අවසානයට යෙදී ඇති ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය නියමිත පරිදි සිදු කිරීම සදහා 10න් 9ක පමණ අවස්ථාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී කෙවින් රොබර්ට්ස් පවසනවා.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බැවින් මෙම තරග සංචාරය නියමිත පරිදි පැවැත්වීම ඔවුන්ට දැඩි ලෙස අවශ්‍යව ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

මේ වන විටත් කොරෝනා වසංගත අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මූල්‍ය කප්පාදු කිරීම් කිහිපයක්ම සිදු කර අවසන්.

නොවැම්බර් මාසයේ දී ආරම්භ වන ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 4ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ඒ ඔස්සේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට හිමි වීමට අපේක්ෂිත මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 300ක්.

තරගාවලියට පෙර දින 14ක් නීරෝධායනය වීම සදහා ද පසුගියදා ඉන්දියාව එකගතාවය පල කර තිබුණා.

Leave a comment