Ultimate magazine theme for WordPress.

ඉන්දීය ක්‍රීඩකයින්ට 40%ක දඩයක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නැවත වරක් දඩ නියම කර තිබෙනවා.

ඒ, එංගලන්තය සමග අහ්මදාබාද්හි පැවැති 5 වන 20යි 20 ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට නියමිත කාලය නිමා වන විට පන්දුවාර 2ක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

තරග තීරකවරයා ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් විසින් මෙම දඩ පැනවීම සිදු කර තිබෙනවා.

නායක විරාට් කෝලි වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

මීට පෙර ද මෙම තරගාවලියේ දී ම පන්දුවාර සංඛ්‍යාව නියමිත කාලයට යවා නිම නොකිරීම හේතුවෙන් ඉන්දියාවට දඩ නියම කෙරුණා.

Leave a comment