Ultimate magazine theme for WordPress.

ඉන්දීය ක්‍රිකට් වාර්ෂික මහා සභා රැස්වීම දින නියමයක් නැතිව කල් යයි

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වසංගත අර්බුදය සැලකිල්ලට ගනිමින්.

වාර්ෂික මහා සභා රැස්වීම මාර්ගගත (online) ක්‍රමවේදයට ද පැවැත්විය නොහැකි බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත්තේ.

ඔවුන් මේ පිළිබද පැහැදිලි කරමින් එරට ප්‍රාන්ත ක්‍රිකට් සංගම් වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

නීති සහ රෙගුලාසි ප්‍රකාරව සෑම වසරකම සැප්තැම්බර් 30 වනදාට පෙර මෙම රැස්වීම පැවැත්විය යුතු වනවා.

අවසන් වරට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීමක් පැවැත්වුණේ 2019 වසරේ දෙසැම්බර් පළමු වැනිදායි.

ඒ, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ පාලනාධිකාරියේ සිදු වූ වෙනසත් සමගයි.

Leave a comment