ඉන්දීය ක්‍රීඩකයින් විදෙස් ලීග් ක්‍රීඩා නොකිරීම ද පරාජයට හේතුව ? ඩ්‍රාවිඩ් පිළිතුරු දෙයි

විදෙස් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සදහා ඉන්දීය ක්‍රීඩකයින් යොමු කිරීම ඉතා අපහසු කටයුත්තක් බව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් පවසනවා.
එම තරගාවලි රැසක් ඉන්දීය දේශීය තරගාවලි පැවැත්වෙන කාලයේ දී ම පැවැත්වීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය හමුවේ ඉන්දියාව කඩුලු 10 ක දරුණු පරාජයක් අත්කර ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඩ්‍රාවිඩ් ඒ බව සදහන් කළා.
ඒ, ඉන්දීය ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීම මෙම පරාජයට හේතු වූවා දැයි මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින්.
එංගලන්ත ක්‍රීඩකයින් බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම තුළින් ඔස්ට්‍රේලියාව තුළ ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබද ඉන්දීය ක්‍රීඩකයින්ට වඩා ඔවුන්ට අත්දැකීම් ඇති බව මෙහිදී රාහුල් ඩ්‍රාවිඩ් පිළිගනු ලැබුවා.
— Guess Karo (@KuchNahiUkhada) November 10, 2022