Ultimate magazine theme for WordPress.

ඉන්දීය ක්‍රිකට් මුල් පුටුව ගංගුලිගෙන් බිනීට

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රොජර් බිනී පත් වීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, මේ වන විට සභාපතිධූරය දරන හිටපු ඉන්දීය නායකයෙකු වන සෞරව් ගංගුලි වෙනුවටයි.

ඔක්තෝබර් 18 වැනිදා මුම්බායි හී දී පැවැත්වීමට නියමිත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී 67 හැවිරිදි බිනී සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ පුත්‍රයා වන ජේ ෂා තවදුරටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති.

සම ලේකම්වරයා ලෙස Devajit Saikia ද, නව භාණ්ඩාගාරික ලෙස Ashish Shelar ද පත් වීමට නියමිතව තිබෙනවා.

රජිව් ෂුක්ලා උප සභාපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීමට නියමිතව ඇති බව සදහන්.

මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධානියා (අයි.පී.එල් සභාපතිවරයා) ලෙස අරුන් ධුමාල් පත් වීමට ද නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අයි.පී.එල් සභාපතිවරයා ලෙස 2019 වසරේ සිට කටයුතු කරන්නේ බ්‍රිජේෂ් පටෙල්.

Show Comments (1)