Ultimate magazine theme for WordPress.

ඉන්දීය ක්‍රිකට් නව පුහුණුකරු ගැන තීරණය නිවේදනය කෙරේ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් හා සෙසු පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

රාහුල් ඩ්‍රාවිඩ්ගේ කොන්ත්‍රාත් කාලය නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියත් සමග අවසන් වුණා.

අනතුරුව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් හා පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව තීරණය කර ඇත්තේ තවදුරටත් ඔහුගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමටයි.

කෙසේ වෙතත්, කොපමණ කාලයක් සදහා ඔහුගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර ඇත්දැයි නිවේදනය කර නැහැ.

අවම වශයෙන් එය 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය දක්වා දීර්ඝ වනු ඇති.

2021 වසරේ නොවැම්බර් මාසයේ දී යි රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය පිරිමි ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක කාලයක් සදහා පත් කෙරුණේ.

ඔහුගේ දෙවැනි ධූර කාලයේ දී ඉන්දියාව මුහුණ දෙන පළමු අභියෝගය වන්නේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරයයි.

තමාගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙලෙස අදහස් පල කර තිබෙනවා.

“The last two years with Team India have been thoroughly memorable. Together, we have witnessed the highs and lows, and throughout this journey, the support and camaraderie within the group have been phenomenal. I am genuinely proud of the culture we have set in the dressing room. It’s a culture that stands resilient, whether in moments of triumph or adversity. The skills and talent that our team possesses are phenomenal, and what we’ve stressed is following the right process and sticking to our preparations, which has had a direct impact on the overall result.

“I thank the BCCI and the Office Bearers for placing their trust in me, endorsing my vision, and providing support during this period. The demands of this role necessitate considerable time away from home, and I deeply appreciate my family’s sacrifices and support. Their instrumental role behind the scenes has been invaluable. As we embrace new challenges post the World Cup, we remain committed to the pursuit of excellence.”

Leave a comment