ඉන්දීය කණ්ඩායමේ සිටින ශ්‍රී ලංකා පුහුණුකරුව දිනේෂ් කාර්තික් ප්‍රසිද්ධියේ ප්‍රශංසාවට ලක් කරයි

ඉන්දීය කණ්ඩායමේ පුහුණුකාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු වන නුවන් සෙනවිරත්න සම්බන්ධයෙන් ඉන්දියාවේ දිනේෂ් කාර්තික් ප්‍රශංසාත්මක අදහස් දැක්වීමක් සිදු කළා.
ඒ, නිමා වූ ඉන්දු – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී යි.
ඔහු ඉතා වේගවත් හා ශක්තිමත් අයෙකු ලෙස දිනේෂ් කාර්තික් පෙන්වා දුන් අතර, ඉන්දීය පුහුණු කාර්යය මණ්ඩලයේ සුවිශේෂී සාමාජිකයෙකු ලෙස ද කාර්තික් විසින් ඔහුව හදුන්වනු ලැබුවා. (වීඩියෝ දර්ශණ පහතින්)
“බව්වා” යන නමින් ද හදුන්වන නුවන් සෙනවිරත්න ශ්‍රී ලංකා හිටපු පළමු පෙල ක්‍රීඩකයෙකු වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.
පිතිකරුවන්ට ඉතා වේගයෙන් (පැයට කිලෝ මීටර් 170ට වඩා වැඩි වේගයෙන් වුවද) පන්දු විසි කිරීමට ඔහුට ඇති විශිෂ්ඨ හැකියාව හේතුවෙනුයි නුවන් සෙනවිරත්න වඩාත් කතාබහට ලක්වුණේ.
ඔහු ඉන්දීය කණ්ඩායම සමගින් එක් වුණේ 2018 වසරේ දී යි.
How did we miss him ??? @OfficialSLC #lka #ENGvIND pic.twitter.com/GF1ocx3f2w
— Aruna Jayawardena 🏏 (@aruna_jaya67) August 14, 2021