ඉන්දියාව ලකුණු 307ක් පිටුපසින්
Day 2 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද නිමා වුණා.
වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් අද දිනයේ තේ පානයෙන් අනතුරුව තරගය පැවැත්වීමට හැකි වූයේ නැහැ.
ඒ අනුව දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 62ක්.
රෝහිට් ෂර්මා ලකුණු 44කට දැවී ගියා.
පන්දු යැවීමේ දී පැට් කමින්ස් සහ නේතන් ලියෝන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
බ්‍රිස්බේන්හි පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 369ක්.
මර්නස් ලබුෂේන් ලකුණු 108ක්, නායක ටිම් පේන් ලකුණු 50ක් සහ කැමරන් ග්‍රීන් ලකුණු 47ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් ටී. නටරාජන්, ශර්දුල් තාකූර් සහ වොෂින්ටන් සුන්දර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 307ක්.
Rohit was looking awesome today, then he did this ☹️ pic.twitter.com/iEtrIcuXMc
— rizwan (@rizwan68301915) January 16, 2021