Ultimate magazine theme for WordPress.

ඉන්දියාව පරදා සිව්වැනි වරටත් යොවුන් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

දකුණු අප්‍රිකාවේ පැවැති වයස අවුරුදු 19 න් පහළඑක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ඔස්‍ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ඉන්දීය යොවුන් කණ්ඩායම පරදා ලකුණු 79 ක ජයක් වාර්තා කරමින්.

Benoni හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 253 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 43.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 174 ක් පමණයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පිතිකරණයෙන් ලකුණු 55 ක් වාර්තා කිරීමට Harjas Singh සමත් වූ අතර, පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Mahli Beardman හා Raf MacMillan කඩුලු 3 බැගින් දවා ගත්තා.

මෙය ඔස්ට්‍රේලියාව ජය ගත් සිව්වැනි යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයයි.

Leave a comment