Ultimate magazine theme for WordPress.

ඉන්දියාව දකුණු අප්‍රිකාවේ තරග සංචාරයකට එකග වෙයි

ලබන අගෝස්තු මාසය අවසානයේ දී ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත වීම සදහා වැඩි අවස්ථාවක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙරටේම රජයේ අනුමැතිය ලැබුණහොත් පමණක් තරග සංචාරය සිදු වනු ඇති.

එහිදී දෙරට අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය FTP හෙවත් අනාගත ක්‍රිකට් තරගාවලි කාලසටහනට නිල වශයෙන් ඇතුළත්ව තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, තරගාවලිය සම්බන්ධ‍යෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සවුරව් ගංගුලි සහ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රෑම් ස්මිත් අතර සාකච්ඡා ආරම්භ වූ අතර, ඊයේ (20) දිනයේ දී එම සාකච්ඡා අවසන්ව ඇත්තේ තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් එකගතාවයකට එළඹෙමින්.

අගෝස්තු මාසය ආසන්න වත්ම කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සලකා බලා තරගාවලිය පැවැත්විමට හැකි වනු ඇත්දැයි අවසන් තීරණයක් ගැනීමට සිදු වන්නේ දෙරටේම රජයන්හි අනුමැතිය ඒ සදහා ලැබුණහොත් පමණයි.

Leave a comment