Ultimate magazine theme for WordPress.

ඉන්දියාවේ ලෝක වාර්තාව ශ්‍රී ලංකාවට

එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජය වීමත් සමග නව අමිහිරි ලෝක වාර්තාවක් තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට මේ වන විට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

ඒ, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජය වූ රට ලෙස ඉතිහාසගත වෙමින්.

මීට පෙර එම වාර්තාව ඉන්දියාවට හිමි ව තිබුණේ එක්දින තරග 427ක් පරාජයට පත් වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකාව තරග 428ක් පරාජයට පත් වෙමින් අදාළ ලෝක වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගෙන තිබෙනවා.

තරග 860කදී ශ්‍රී ලංකාව ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 390ක්.

එක්දින තරග 400කට වැඩි ප්‍රමාණයක් පරාජයට පත් වූ රටවල් අතරට පාකිස්තානය ද ඇතුළත්. (තරග 414ක්)

Leave a comment