Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට එරෙහි 20යි 20 සංචිතයට ලිවින්ග්ස්ටෝන් සහ බට්ලර් කැදවයි

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(11) ප්‍රකාශයට පත් කෙරුණා.

ඉයන් මෝර්ගන්ගේ නායකත්යෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉන්දියාවට එරෙහි අවසන් ටෙස්ට් තරග 3 සදහා ක්‍රීඩා නොකරන ජොස් බට්ලර් 20යි 20 සංචිතයට නම් කර ඇති බව සදහන්.

2017 වසරෙන් පසුව මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නොමැති 27 හැවිරිදි ලියම් ලිවින්ග්ස්ටෝන් මෙම සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

බිග් බෑෂ් තරගාවලියේ දී වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලිය නිමා කළ ඇලෙක්ස් හේල්ස්ට මෙම සංචිතයේ ද ඉඩක් වෙන්ව නැහැ.

ජොෆ්ර ආචර්, ජොනී බෙයාර්ස්ටව් සහ බෙන් ස්ටොක්ස් සංචිතයට නම් කර ඇතත්, ටෙස්ට් නායක ජෝ රූට් මෙම 20යි 20 තරගාවලියට ද නම් කර නොමැති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය මාර්තු 12 වනදා අහ්මදාබාද්හීදී ආරම්භ වීමට නියමිතයි.

England Squad:

Eoin Morgan (c), Moeen Ali , Jofra Archer , Jonathan Bairstow , Sam Billings , Jos Buttler , Sam Curran , Tom Curran , Chris Jordan , Liam Livingstone , Dawid Malan , Adil Rashid , Jason Roy , Ben Stokes , Reece Topley , Mark Wood .

Reserves:

Jake Ball , Matt Parkinson

Leave a comment