Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද(12) ප්‍රකාශයට පත් කෙරුණා.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයට යොවුන් ක්‍රීඩකයින් වන විල් පුකොව්ස්කි සහ කැමරන් ග්‍රීන් නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙසැම්බර් 17 වනදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සදහා මෙතෙක් ටෙස්ට් වරම් හිමි කර ගෙන නොමැති ශෝන් ඇබෝට්, මිචෙල් ස්වෙප්සන් සහ මයිකල් නෙසර් ද නම් කර තිබෙනවා.

ටෙස්ට් තරගාවලියට පෙර දෙරට අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියක් සහ තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර, පළමු එක්දින තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම අද(12) සිඩ්නි නුවර වෙත ළගා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය ක්‍රීඩකයින් එහිදී දින 14ක නිරෝධායනයකට ලක්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය:

Tim Paine (c), Sean Abbott, Joe Burns, Pat Cummins, Cameron Green, Josh Hazlewood, Travis Head, Marnus Labuschagne, Nathan Lyon, Michael Neser, James Pattinson, Will Pucovski, Steve Smith, Mitchell Starc, Mitchell Swepson, Matthew Wade, David Warner

ඔස්ට්‍රේලියානු එක්දින සහ 20යි 20 සංචිතය –

Aaron Finch (c), Sean Abbott, Ashton Agar, Alex Carey, Pat Cummins (vc), Cameron Green, Josh Hazlewood, Moises Henriques, Marnus Labuschagne, Glenn Maxwell, Daniel Sams, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa

ඉන්දීය 20යි 20 සංචිතය –

Virat Kohli (capt), Shikhar Dhawan, Mayank Agarwal, KL Rahul (vice-capt, wk), Shreyas Iyer, Manish Pandey, Hardik Pandya, Sanju Samson (wk), Ravindra Jadeja, Washington Sundar, Yuzvendra Chahal, Jasprit Bumrah, Mohammed Shami, Navdeep Saini, Deepak Chahar, T Natarajan

ඉන්දීය එක්දින සංචිතය :

Virat Kohli (capt), Shikhar Dhawan, Shubman Gill, KL Rahul (vice-capt, wk), Shreyas Iyer, Manish Pandey, Hardik Pandya, Mayank Agarwal, Ravindra Jadeja, Yuzvendra Chahal, Kuldeep Yadav, Jasprit Bumrah, Mohammed Shami, Navdeep Saini, Shardul Thakur, Sanju Samson (wk)

ඉන්දීය ටෙස්ට් සංචිතය :

Virat Kohli (capt), Rohit Sharma, Mayank Agarwal, Prithvi Shaw, KL Rahul, Cheteshwar Pujara, Ajinkya Rahane (vice-capt), Hanuma Vihari, Shubman Gill, Wriddhiman Saha (wk), Rishabh Pant (wk), Jasprit Bumrah, Mohammed Shami, Umesh Yadav, Navdeep Saini, Kuldeep Yadav, Ravindra Jadeja, R. Ashwin, Mohammed Siraj

Leave a comment