ඉන්ග්ලිස් ලෝක කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් කැදවා තිබෙනවා.
ආබාධයකට ලක් වූ ජොෂ් ඉන්ග්ලිස් වෙනුවටයි මෙම ආදේශ කිරීම සිදු කර ඇත්තේ.
ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක ඉන්ග්ලිස්ගේ දකුණු අතේ ආබාධයක් සිදුව තිබූ අතර, ඒ හේතුවෙන් ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.
ඔහු ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිතව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.
ඉන්ග්ලිස් වෙනුවට කැමරන් ග්‍රීන් සංචිතයට ආදේශ කිරීම සදහා අයි.සී.සී 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුවේ ද අනුමැතිය හිමිව තිබෙනවා.