Ultimate magazine theme for WordPress.

ඉතිහාසයේ අයි.සී.සීය ලබා දුන් දෙවැනි දීර්ඝතම ක්‍රිකට් තහනම රිස්වාන්ට පැනවේ

බ්‍රිතාන්‍යයේ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෙකු වන රිස්වාන් ජාවෙඩ්ට එරෙහිව වසර 17 යි මාස හයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ (ECB) දූෂණ මර්ධන සංග්‍රහයේ (anti-corruption code) යටතේ එල්ල වූ චෝදනා පහකට වරදකරු වීම හේතුවෙනුයි රිස්වාන් ජාවෙඩ් හට මෙම ක්‍රිකට් තහනම පනවා ඇත්තේ.

එය මේ දක්වා අයි.සී.සීය විසින් පුද්ගලයෙකුට එරෙහිව පැනවූ දෙවැනි දීර්ඝතම ක්‍රිකට් තහනම ලෙසයි ඉතිහාසගත වන්නේ. මීට පෙර සිම්බාබ්වේ තරග නිළධාරියෙකු වූ Rajan Nayar හට වසර 20 ක ක්‍රිකට් තහනමක් පනවා තිබූ අතර, එය මේ දක්වා අයි.සී.සීය විසින් පැනවූ දීර්ඝතම ක්‍රිකට් තහනම වනවා.

2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී අයි.සී.සීය විසින් එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් රිස්වාන් ජාවෙඩ් ඇතුළු අට දෙනෙකුට එරෙහිව දූෂන චෝදනා ගොණු කළේ 2021 වසරේ පැවැති අබුඩාබි T10 ලීග් තරගාවලියට අදාළවයි.

රිස්වාන් ජාවෙඩ් බ්‍රිතාන්‍යයේ Cheadle Hulme ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් 2019 වසරේ අගොස්තු 24 වැනිදා දක්වා Cheshire Cricket League තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම චෝදනා ඔහුට එල්ල වූයේ T10 ලීග් තරගාවලියේ දී Pune Devils කණ්ඩායමේ ක්‍රීඩකයින් දූෂන ක්‍රියාවලීන් සදහා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන්.

රිස්වාන් චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වී ඇති අතර, එම නිසා අදාළ චෝදනාවලට වැරදිකරු ලෙස සලකනු ලැබූ බවත්, ඔහුට නඩු විභාගයක් සඳහා ඇති අයිතිය ද අහිමි වූ බවත් අයි.සී.සීය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්.

එල්ල වූ චෝදනා –

  • Article 2.1.1 – Being party to an attempt to fix, contrive or influence improperly matches or aspects of matches in the Abu Dhabi T10 2021 (on three separate occasions).
  • Article 2.1.3 – Offering a Reward to another Participant in exchange for that player engaging in Corrupt Conduct.
  • Article 2.1.4 – Directly or indirectly soliciting, inducing, enticing, instructing, persuading, encouraging or intentionally facilitating any Participant to breach Code Article 2.1 (on three separate occasions).
  • Article 2.4.4 – Failing to disclose to the DACO full details of any approaches or invitations received to engage in Corrupt Conduct under the Code.
  • Article 2.4.6 – Failing or refusing, without compelling justification, to cooperate with any investigation carried out by the DACO in relation to possible Corrupt Conduct under the Code.

රිස්වාන්ට පැනවුණු තහනම 2023 වසරේ සැප්තැම්බර් 19 වැනිදා සිට බලාත්මක වනවා. එනම්, ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවුණු දිනයේ සිට එම තහනම් කාලය ගණනය කරනු ඇති.

දූෂන චෝදනා එල්ල වූ 8 දෙනා අතරට බංග්ලාදේශය නියෝජනය කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නසීර් හොසේන් ද ඇතුළත් වූ අතර, ඔහුට ද වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට මීට පෙර පියවර ගැණුනා.

Leave a comment