Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තාන ප්‍රහාරාත්මක පිතිකරු ලෝක කුසලානයෙන් ඉවතට

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එක්ව සිටින ඇෆ්ඝනිස්තාන සංචිතයට වෙනසක් සිදු කර තිබෙනවා.

ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු හස්රටුල්ලාහ් සසායි අසනීපයකට ලක් වීම හේතුවෙනුයි මෙම වෙනස්කම සිදු කර ඇත්තේ.

ඔහු මේ වන විට උදරය හා වකුගඩු සම්බන්ධ අසනීප තත්ත්වයකින් පසුවන බවත්, ඒ හේතුවෙන් ඔහුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කර ඇති බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

ඔහු වෙනුවට 15 දෙනෙකුගෙන් යුත් ඇෆ්ඝනිස්තාන සංචිතයට ගුල්බදීන් නයිබ් ආදේශ කර ඇති අතර, ඊට තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හෙට(1) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට නියමිතව ඇති අතර, අනතුරුව ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ද තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු රදවා ගැනීමටනම් ඔවුන්ට එම තරග දෙකෙන්ම ජය ගැනීම අනිවාර්යය වනවා.

Show Comments (1)