Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ඇෆ්ඝනිස්තාන – පාකිස්තාන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(10) දිවයිනට පැමිණියා. (දර්ශන පහතින්)

ඔවුන් මේ වන විට හම්බන්තොටට ළගා වී සිටින අතර, දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අගෝස්තු 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි එක්දින තරගය අගෝස්තු 24 වැනිදා ද, තෙවැනි එක්දින තරගය 26 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරග දෙක හම්බන්තොට දී පැවැත්වෙන බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තෙවැනි හා අවසන් එක්දින තරගය කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙම එක්දින තරගාවලිය අවසන් වී දින 4කින්, එනම් අගෝස්තු 30 වැනිදා සිට පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Afghanistan Squad:

Hashmatullah Shahidi (C), Rahmanullah Gurbaz (WK), Ikram Alikhil (WK), Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Azmatullah Omarzai, Rashid Khan, Noor Ahmad, Mujeeb Ur Rehman, Fazal Haq Farooqi, Abdul Rahman, Mohammad Saleem Safi, Wafadar Momand.

Reserves – Farid Ahmad Malik , Shahidullah Kamal.

Pakistan squad:

Abdullah Shafique, Fakhar Zaman, Imam-ul-Haq, Babar Azam (captain), Salman Ali Agha, Iftikhar Ahmed, Tayyab Tahir, Saud Shakeel, Mohammad Rizwan, Mohammad Haris, Shadab Khan (vice-captain), Mohammad Nawaz, Usama Mir, Faheem Ashraf, Haris Rauf, Mohammad Wasim Jnr, Naseem Shah, Shaheen Afridi.

Leave a comment