Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන අද(17) නිවේදනය කෙරුණා.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර එක්දින තරග 3කින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

තරග සංචාරය වෙනුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

මෙම තරගාවලිය මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2023 වසරේ පෙබරවාරි මාසයේ දී යි.

කෙසේ වෙතත්, කණ්ඩායම් දෙකේ ජාත්‍යන්තර තරග කාලසටහන සලකා බලා තරගාවලිය නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරගය නොවැම්බර් 25 වැනිදා ද, දෙවැනි තරගය 27 වැනිදා ද, තෙවැනි තරගය 30 වැනිදා ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Show Comments (1)