Ultimate magazine theme for WordPress.

අවිශ්කට ඇෆ්ඝනිස්තානයෙන් පුහුණුකාර ධූරයක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස පත්කර තිබෙනවා.

ඒ බව අද(17) එරට ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළා.

44 හැවිරිදි අවිශ්ක ගුණවර්ධනට ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් මීට පෙර දූෂන චෝදනා එල්ල කර තිබූ නමුත්, පසුගිය මැයි මාසයේ දී ඔහුව එම චෝදනාවලින් නිදහස් කළා.

ඒ අනුව මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට ඔහුට කිසිදු බාධාවක් නැහැ.

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරග 61කට ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර්යය මණ්ඩලයේ සාමාජියෙකු ලෙස ද කටයුතු කළා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ මීළග තරගාවලිය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට ඇෆ්ඝනිස්තානයේ පාලන බලය තලේබාන් සංවිධානය යටතට පත්ව ඇතත්, ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් බලපෑමක් සිදු නොවනු ඇති බවටයි වාර්තා පල වන්නේ.

Leave a comment