Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් චාමික ඉවත් කෙරෙන ලකුණු

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ඝනිස්තානයට එරෙහිව ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට නියමිතව ඇති බව sunday times පුවත්පත වාර්තා කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ඔහු වෙනුවට සංචිතයට ආදේශ කරනු ඇති බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර හා දුනිත් වෙල්ලාලගේ ද සංචිතය සදහා නම් කර ඇති බව සදහන්.

හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් යළි එක්දින සංචිතයට කැදවනු ඇති බවට මෑත කාලයේ දී සමාජ මාධ්‍ය තුළ තොරතුරු පැතිර ගිය නමුත්, sunday times පුවත්පත වාර්තා කර ඇති ආකාරයට ඔහු මෙම තරගාවලිය සදහා නම් කර නැහැ.

තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පළමු එක්දින තරගය නොවැම්බර් 25 වැනිදා ද, දෙවැනි තරගය 27 වැනිදා ද, තෙවැනි තරගය 30 වැනිදා ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Probable squad :

Dasun Shanaka (C), Pathum Nissanka, Kusal Mendis, Charith Asalanka, Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Dinesh Chandimal, Ashen Bandara, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Dananjaya Lakshan, Kasun Rajitha, Lahiru Kumara, Pramod Madushan, Asitha Fernando

Show Comments (1)