Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය ප්‍රකාශයට පත් කෙරේ – චමීරට තරගාවලිය අහිමි වෙයි

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් ‍16 දෙනෙකු ඇතුළත්.

එක්දින තරගාවලියට නම් නොකළ හිටපු නායක දසුන් ශානක 20යි 20 සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබීම විශේෂත්වයක්.

පළමු එක්දින තරගයේ දී ආබාධයකට ලක් වීම හේතුවෙන් දෙවැනි එක්දින තරගයෙන් ඉවත් කෙරුණු වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර 20යි 20 සංචිතය සදහා පළමුව නම් කර තිබුණ ද, අදාළ ආබාධය නිසා ඔහු 20යි 20 තරගාවලියට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව ඔහු වෙනුවට වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සංචිතයට ආදේශ කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය එළඹෙන 17, 19 හා 21 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. සියලු තරග රාත්‍රී 7ට ආරම්භ වනවා.

The Squad
1.Wanindu Hasaranga – Captain
2.Charith Asalanka -Vice Captain
3.Pathum Nissanka
4.Kusal Mendis
5.Dhananjaya De Silva
6.Kusal Janith Perera
7.Angelo Mathews
8.Dasun Shanaka
9.Maheesh Theekshana
10.Binura Fernando
11.Matheesha Pathirana
12.Dilshan Madushanka
13.Nuwan Thushara
14.Akila Dananjaya
15.Kamindu Mendis
16.Sadeera Samarawickrama

Leave a comment