Ultimate magazine theme for WordPress.

ඇලේක්ස් හේල්ස් බිග් බෑෂ් ලීගයට

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස් මෙවර බිග් බෑෂ් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු සිය කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කළ බවයි සිඩ්නි තන්ඩර් කණ්ඩායම නිවේදනය කළේ.

ඒ අනුව මෙවර තරග වාරය වෙනුවෙන් නව ගිවිසුමක් අත්සන් කළ පළමු විදෙස් ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

ඇලෙක්ස් හේල්ස්ට අමතරව එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ටොම් බැන්ටන් සහ ටොම් කරන් ද මෙවර තරගාවලියට එක්වන බව මේ වන විට තහවුරු කර තිබෙනවා.

වෙනත් කිසිදු විදෙස් ක්‍රීඩකයෙකු මෙතෙක් තරගාවලියට එක්වන බවට තහවුරු කර නැහැ.

මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලිය දෙසැම්බර් 3 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

Leave a comment