Ultimate magazine theme for WordPress.

ඇලන් බෝඩර් සම්මානය තෙවැනි වරටත් ස්මිත්ට

වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් සම්මානයෙන් පිදුම් ලැබීමට සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් අද(6) සමත් වුණා.

මෙය ස්මිත් විසින් ඇලන් බෝඩර් සම්මානය දිනා ගත් තෙවැනි අවස්ථාවයි.

මීට පෙර රිකී පොන්ටින් සහ මයිකල් ක්ලාක් අදාළ සම්මානය අවස්ථා 4 කදී දිනා ගනු ලැබුවා.

වසරේ ඔස්ට්‍රේලියානු එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ස්ටීවන් ස්මිත්.

වසරේ ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය පැට් කමින්ස් විසින් දිනා ගත්තා.

වසරේ 20යි 20 ක්‍රීඩකයා ඇෂ්ටන් ඒගාර්.

වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි බෙලින්ඩා ක්ලාක් සම්මානයෙන් පිදුම් ලැබුවේ බෙත් මූනි (Beth Mooney).

එම සම්මානය ඇය විසින් දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

වසරේ ඔස්ට්‍රේලියානු 20යි 20 ක්‍රීඩිකාවට හිමි සම්මානය ද මෙවර බෙත් මූනි දිනා ගත් අතර, වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ Rachael Haynes.

 

Leave a comment