Ultimate magazine theme for WordPress.

ඇන්ඩර්සන් නවසීලන්ත ක්‍රිකට් අත්හරියි

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් එරට ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකාවේ නවතම 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය (Major League Cricket T20) සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු වසර 3ක කාලයකට ගිවිසුම් ගත වීමත් සමගයි.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක වේගවත්ම ශතකය වාර්තා කළ පිතිකරුවා වන්නේ ද 29 හැවිරිදි කොරේ ඇන්ඩර්සන්.

ඔහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 13කට, එක්දින තරග 49කට සහ 20යි 20 තරග 31කට ක්‍රීඩා කර තිබෙනවා.

Leave a comment