Ultimate magazine theme for WordPress.

“ඇත්තටම කිසිදු අවස්ථාවක් නෑ” ස්මිත් බිග් බෑෂ් පිටියෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ජෛව ආරක්ෂිත පරිසර තුළ රැදී සිටීමේ ගැටලු සහ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සිදු වීම නිසා ඔහු එලෙස එරට බිග් බෑෂ් ලීග් තරගාවලියෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

සිඩ්නි සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

“ඇත්තටම කිසිදු අවස්ථාවක් නැහැ” යනුවෙන් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගැන අදහස් පල කරමින් ස්ටීව් ස්මිත් සදහන් කළා.

ඩේවිඩ් වෝනර්, මිචෙල් ස්ටක් සහ පැට් කමින්ස් ද මෙවර තරගාවලියට එක් නොවීමට ඉඩ තිබෙනවා.

බිග් බෑෂ් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 3 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment