Ultimate magazine theme for WordPress.

ඇඩම් සම්පා RCB කණ්ඩායමට

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සදහා ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා කැදවීමට කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

ඒ, මෙවර තරග වාරයෙන් ඉවත් වීමට තීරණය කළ කේන් රිචර්ඩ්සන් වෙනුවටයි.

රිචර්ඩ්සන් සහ ඔහුගේ බිරිද පළමු දරු උපත බලාපොරොත්තුවෙන් පසු වීම හේතුවෙන් ඔහු මෙලෙස මෙවර තරග වාරයෙන් ඉවත්ව ඇති බව සදහන්.

කේන් රිචර්ඩ්සන් බැංගලෝර් කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලකටයි.

ඇඩම් සම්පා සංචිතයට කැදවීමත් සමග බැංගලෝර් කණ්ඩායමේ දග පන්දු බලඇණිය තවදුරටත් ශක්තිමත් වනු ඇති.

මේ වන විටත් ඔවුන්ගේ සංචිතයට යුස්වේන්ද්‍ර චහෙල්, වොෂින්ටන් සුන්දර්, මොයීන් අලී සහ පවන් නෙගී වැනි දග පන්දු යවන්නන් ඇතුළත්ව සිටිනවා.

 

Leave a comment