Ultimate magazine theme for WordPress.

“ඇග බේරගන්න ඕනෙ නම් හඩක් නගන්න ඕනෙ නෑනේ” – සංගා

ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රිඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දෙන ජාතික ක්‍රිඩා සභාවේ නිලධාරින් පසුගියදා පත් කෙරුණු බව අප මීට පෙරද තොරතුරු වාර්තා කළා.

එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කෙරුණා.

ජාතික ක්‍රිඩා සභාවට නියෝජිතයින් 14 දෙනෙකු ඇතුළත්.

මෙම සභාවේ පළමු හමුවෙන් අනතුරුව ඊට එක් වූවන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් පල කළා.

එහිදී පසුගිය දිනවල සංගක්කාර ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් එල්ල වූ ඇතැම් චෝදනා සම්බන්ධයෙන් ජාතික ක්‍රිඩා සභාවේ සාමාජික හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියා.

ඊට කුමාර් සංගක්කාර දුන් පිළිතුරු වූයේ “ඇග බේරගන්න ඕනෙ නම් හඩක් නගන්න ඕනෙ නෑනේ” යනුවෙනි.

ජාතික ක්‍රිඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙහිදී අදහස් පල කළා.

ඊට අදාළ දර්ශන පහතින් –

Leave a comment