Ultimate magazine theme for WordPress.

ආසියානු යොවුන් කුසලානයත් කල් යයි

2020 ආසියානු කුසලාන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය ද කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

මෙවර යොවුන් ආසියානු කුසලාන තරගාවලිය ලබන මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.

2021 වසරේ සුදුසු කාලයකදී අදාළ තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙනුයි මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව ඇත්තේ.

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 8 ක් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment