Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානය ජූනි මාසයට කල් දැමේ – සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කළ බව ආසියානු ක්‍රිකට් කවුන්සලය අද(9) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළා.

ඒ, කොරෝනා වසංගතයත් සමග පවතින සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක සභා රැස්වීමක් අද පැවැති අතර, එහිදී මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට යෝජිතව තිබුණා.

ඒ, මෙවර සත්කාරකත්වය හිමිව තිබූ පාකිස්තානය විසින් පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එය ශ්‍රී ලංකාවට ලබා දීමට කැමැත්ත පල කිරීම හේතුවෙන්.

ඒ වෙනුවට ලබන 2022 වසරේ දී මෙරට දී පැවැත්වීමට නියමිත වූ ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් පාකිස්තානයට ලබා දීමටයි එකගතාවයකට එළඹ තිබුණේ.

ඒ අනුව ලබන වසරේ ජූනි මාසයේ දී ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක සභාව තීරණය කර තිබෙනවා.

මෙම වසරේ දී තරගාවලිය නොපවත්වන බව ඊයේ දිනයේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි ද සදහන් කර තිබුණා.

Leave a comment