Ultimate magazine theme for WordPress.

“ආසියානු කුසලානය අවලංගු කළා” – ගංගුලි

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවලංගු කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පවසනවා.

ඉන්ස්ටග්‍රෑම් සමාජජාලා මාධ්‍ය ඔස්සේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙවර තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව තිබුණ ද පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එය ශ්‍රී ලංකාවට  පිරිනැමීමට ඔවුන් පසුගිය මාසයේ දී තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට(9) පැවැත්වීට නියමිත ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී ගනු ඇති බවටයි මීට පෙර තොරතුරු වාර්තා වුණේ.

Leave a comment