Ultimate magazine theme for WordPress.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිධූරය ඉන්දියාවට

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දියාවේ ජයි ෂාහ් (Jay shah) පත් කර තිබෙනවා.

ඒ මෙතෙක් එම ධූරයේ කටයුතු කළ බංග්ලාදේශයේ නස්මුල් හසාන් වෙනුවටයි.

සෑම වසර දෙකකටම වරක් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිධූරය ස්ථීර සාමාජික රටවල් අතර හුවමාරු වනවා.

සාමාන්‍යයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අදාළ ධූරය භාර ගැනීම සිදු කළ ද මෙවර එම ධූරය ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා විසිනුයි භාර ගෙන ඇත්තේ.

කල් දැමුණු ආසියානු කුසලාන තරගාවලිය සංවිධාන කිරීම නව සභාපතිවරයා මුහුණ දෙන ප්‍රධානම අභියෝගය බවට පත් වනු ඇති.

Leave a comment