ආබාධ අර්බුද මැද පළමු අවසන් පූර්ව තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද(13) පැවැත්වෙනවා.
ඒ, ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් සහ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් අතරයි.
මූලික වටය යටතේ පැවැති රාත්‍රී තරග රාත්‍රී 8ට ආරම්භ වූ නමුත්, අවසන් පූර්ව තරග සහ අවසන් තරගය රාත්‍රී 7ට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම කණ්ඩායම් දෙක මූලික වටයේ දී එකිනෙකා මුණ ගැසුණු අවස්ථා දෙකේදී කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය වාර්තා කිරීමට සමත් වුණා.
මේ අතර, මූලික වටයේ අවසන් තරගයේ දී ආබාධයකට ලක් වූ ඇන්ජෙලෝ මැතිව්ස් අද තරගය සදහා ක්‍රීඩා කරන බව ඔහු විසින් තහවුරු කළා.
කෙසේ වෙතත්, ආබාධයකට ලක් වූ කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලොරී එවන්ස්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බවත්, ඔහු සම්බන්ධයෙන් අද පස්වරුවේ දී අවසන් තීරණයක් ගන්නා බවත් ඇන්ජෙලෝ මැතිව්ස් කියා සිටියා.
මේ අතර, ආබාධයකට ලක් වූ ගාලු කණ්ඩායමේ නුවන් තුෂාරගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් යහපත් අතට හැරී තිබෙනවා.
කෙසේ වෙතත්, අද තරගය සදහා ඔහුගේ සහභාගීත්වය ඊයේ පස්වරුව වන විටත් තහවුරු කර තිබුණේ නැහැ.
කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ ඊයේ දහවල් පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකදී සදහන් කළේ පස්වරුවේ (ඊයේ) පැවැත්වෙන පුහුණු සැසියෙන් පසුව ඔහුගේ සහභාගීත්වය පිළිබද අවසන් තීරණයකට එළඹෙන බවයි.
MATCH OFFICIALS
MATCH REFEREE : Ranjan Madugalle
UMPIRING PANEL :
ONFIELD : Kumar Dharmasena, Raveendra Wimalasiri
TV UMPIRE : Ruchira Palliyaguruge
4th UMPIRE : Prageeth Rambukwella