Ultimate magazine theme for WordPress.

ආචර්ට 2021 වසරේ ඉතිරි සියලු තරගාවලි අහිමි වෙයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට මෙම වසරේ පැවැත්වෙන සියලු තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු වැලමිටෙහි ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව ඔහුට මේ වන විට ආරම්භ වී ඇති ඉන්දියාවට එරෙහි තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය, අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග, 20යි 20 ලෝක කුසලානය හා අලුබදුන තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පසුගිය සතියේ දී ආචර් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් අතර, ඉන් අනතුරුවයි ඔහුට මෙම වසරේ පැවැත්වෙන සියලු තරගවලින් ඉවත් වීමට සිදු වන බවට අනාවරණය වී ඇත්තේ.

2020 වසරේ සිට ආචර් මෙම ආබාධයෙන් පීඩා විදින අතර, ඒ හේතුවෙන් ඔහුට තරග කිහිපයක්ම ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

එංගලන්ත ප්‍රාන්ත සිව්දින තරගාවලියේ තරගයක් සදහා ක්‍රීඩා කරමින් ඔහු මෑතකදී යළි තරග බිමට පිවිසි නමුත්, තරගයේ අවසන් දින දෙක ද ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකි වුණේ මෙම ආබාධය හේතුවෙන්.

Leave a comment