Ultimate magazine theme for WordPress.

ආචර්ට සහ රූට්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට ඉන්දියාව සමග හෙට(23) ආරම්භ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතෙහි වැලමිටෙහි පවතින ආබාධ තත්ත්වය උග්‍ර වීම හේතුවෙන්.

ඒ අනුව ඔහු එංගන්තය බලා පැමිණෙන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ජොෆ්ර ආචර්ට මෙම ආබාධය නිසා එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුල් තරග සදහා ද ක්‍රීඩා කිරීමට හැකියාව නොලැබෙනු ඇති.

එක්දින තරගාවලිය සදහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතයක් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට ටෙස්ට් නායක ජෝ රූට් ද ඇතුළත්ව නැහැ.

සංචිතයට නම් කර ඇති ප්‍රධාන ක්‍රීඩකයින් 14 දෙනාට අමතරව ජැක් බෝල්, ඩේවිඩ් මලාන් සහ ක්‍රිස් ජෝර්ඩන් ද එක්දින සංචිතය සමග අතිරේක ක්‍රීඩකයින් ලෙස රැදී සිටිනු ඇති.

එංගලන්ත සංචිතය –

Eoin Morgan (c), Moeen Ali , Jonathan Bairstow , Sam Billings , Jos Buttler , Sam Curran , Tom Curran, Liam Livingstone , Matt Parkinson , Adil Rashid , Jason Roy , Ben Stokes , Reece Topley , Mark Wood.

Also travelling with the squad: Jake Ball, Chris Jordan , Dawid Malan.

තරග කාලසටහන –

23rd March – 1st ODI, Pune
26th March – 2nd ODI, Pune
28th March – 3rd ODI, Pune

Leave a comment