Ultimate magazine theme for WordPress.

ආචර්ගේ සහ පවුලේ සාමාජිකයින්ගේ කොරෝනා වෛද්‍ය වාර්තා නිකුත් වෙයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අණාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහු එංගලන්ත සංචිතය හා අද(25) දිනයේ දී එක් වන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඔහු හුරුණු විට කොදෙව් ටෙස්ට් තරගාවලිය සදහා නම් කළ ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතයේ සෙසු ක්‍රීඩකයින් 29 දෙනා මේ වන විට පුහුණු කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ, සවුත්හැම්ටන් හී දී යි.

ජොෆ්ර ආචර් එංගලන්ත සංචිතය හා එක්වීම ප්‍රමාද වූයේ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන්.

ඒ අනුව පවුලේ සියලු සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කෙරුණු නමුත් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි එහිදී අණාවරණය වී ඇත්තේ.

ජොෆ්ර ආචර් තවත් අමතර වෛද්‍ය පරීක්ෂණයකට ද මුහුණ දුන් බවත්, එහිදී ද ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බවත් සදහන්.

ඒ අනුව ඔහු හෙට දිනයේ දී එංගලන්ත කණ්ඩායම සමග පුහුණුවීම් ආරම්භ කරනු ඇති.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment