Ultimate magazine theme for WordPress.

අෆ්රිඩිගේ ඉල්ලීමට සනත්ගෙන් ක්ෂණික ප්‍රතිචාරයක්

මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බව ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය මහතා පවසනවා.

ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ෂහිඩ් අෆ්රිඩි අද තහවුරු කර සිටියේ සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින්.

ඒ හේතුවෙන් තමාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන ලෙසටද ඔහු ඉල්ලීමක් කර සිටියා.

මේ වන විට ඔහුට ඉක්මන් සුව පතමින් ක්‍රීඩකයින් රැසක් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබෙනවා.

එවැනි ට්විටර් පණිවිඩ කිහිපයක් පහතින් –

Leave a comment