Ultimate magazine theme for WordPress.

අහිමි වූ පිය සෙනෙහස සිහි කළ කෝලි

පියවරුන්ගේ දිනය දා (21) බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් තම පියා සිහි කරමින් විවිධ සටහන් සමාජජාලා මාධ්‍ය තුළ පල කර තිබෙනු දක්නට ලැබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් එලෙස සටහන් තබා ඇති අවස්ථාවේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ ට්විටර් සටහනක් ලෙස සුපිරි පිතිකරු විරාට් කෝලිගේ සටහන හැදින්විය හැකියි.

කෝලිට වයස අවුරුදු 18ක්ව තිබියදී ඔහුට සිය පියා අහිමි වීම හේතුවෙන් මෙම සටහන දෙස වැඩි අවධානයක් යොමු කිරීමට ප්‍රේක්ෂකයින් අමතක කළේ නැහැ.

විරාට් කෝලි සිය පියා සමග ගත කළ මොහොතකට අදාළ ඡායාරූපයක් ඔහු සිය ට්විටර් ගිණුමට එක් කරමින් සදහන් කර සිටියේ සෑම පියෙකුම කායිකව සිටියද නොසිටියද ඔවුන් තම දරුවන් පිටුපස සැමදා සිටින බවයි.

“මෙම පියවරුන්ගේ දිනයේ දී මම ඉල්ලා සිටිනවා ඔබ ඔබේ පියාගෙන් ලැබෙන ආදරයට කෘතඥ වන ලෙස. ජීවිතයේ ඉදිරියට යාම සදහා ඔබ ඔබේම මාර්ගයක් තනා ගන්න. ඔබට කවදාවත් පිටුපස හැරී බැලීමට අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඔවුන් කායිකව අප අතර සිටියත් නැතත්, හැමවේලාවෙම ඔබ දෙස බලා සිටිනවා.”

යනුවෙන් කෝලි සදහන් කළා.

Leave a comment