Ultimate magazine theme for WordPress.

අසාර් අලී පාකිස්තාන නායකත්වයෙන් නෙරපයි – නව නායකයා මෙන්න

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද බබාර් අසාම් පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු එක්දින, 20යි 20 සහ ටෙස්ට් යන තරග රටා ත්‍රිත්වයේ දී ම පාකිස්තාන කණ්ඩායම මෙහෙයවනු ඇති.

පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස අසාර් අලී මෙතෙක් කටයුතු කළා.

කෙසේ වෙතත්, ඔහු යටතේ පාකිස්තාන කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා නොදැක් වූ අතර, අසාර් අලී ද පිතිකරුවෙකු ලෙස දක්ෂතා අතරට පිවිසියේ නැහැ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති එහ්සාන් මනී සහ අසාර් අලී අතර අද(10) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් පසුවයි මෙම නව පත් කිරීම ප්‍රකාශයට පත් කළේ.

බබාර් අසාම්ගේ නායකත්වය යටතේ පාකිස්තානය මුහුණ දෙන පළමු ටෙස්ට් තරගාවලිය වන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වන එළඹෙන නවසීලන්ත තරගාවලියයි.

තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය Mount Maunganui හී දී ලබන දෙසැම්බර් 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment