අසාර් අලීට නායකත්වය අහිමි වන ලකුණු
![](https://www.hitwicket.lk/wp-content/themes/Hitwicket.lk/images/default-thumb/full.png)
පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ යළි වෙනසක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඒ, හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඩ් වෙනුවට අසාර් අලී පත් කර වසරක පමණ කාලයක් ගත වීමෙන් පසුවයි.
ඒ අනුව අසාර් අලී වෙනුවට මොහොමඩ් රිස්වාන් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
එළඹෙන නවසීලන්ත තරග සංචාරයට පෙර එය සිදු වනු ඇති බව ද සදහන්.
අසාර් අලීගේ නායකත්වය යටතේ පාකිස්තානය සැලකිය යුතු දක්ෂතා නොදැක්වීම සහ පිතිකරුවෙකු ලෙස අසාර් අලී අසාර්ථක වීම ද මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.