Ultimate magazine theme for WordPress.

අසාම් ඛාන්ට පැනවූ දඩය ඉවත් කෙරේ

මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන National T20 Cup තරගාවලියේ දී අසාම් ඛාන්ට එරෙහිව ඔහුගේ තරග ගාස්තුවට 50% ක දඩ මුදලක් පැනවීමට ගත් තීරණය සංශෝදනය කරමින් එම දඩ මුදල පැනවීම අවලංගු කළ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

එම තරගාවලියේ දී අසාම් ඛාන් විසින් සිය පිත්තේ පලස්තීන ධජය ප්‍රදර්ශනය කිරීම හේතුවෙනුයි ඔහුට අදාළ දඩ මුදල නියම කර තිබුණේ.

මෙම තරගාවලියේ දී Karachi Whites කණ්ඩායම නියෝජනය කරන අසාම් ඛාන් පසුගිය ඉරිදා Lahore Blues කණ්ඩායම සමග පැවැති තරගයේ දී මෙලෙස පලස්තීන ධජය සිය පිත්තේ ප්‍රදර්ශනය කර තිබූ අතර, එය ඉවත් කිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ අනුව ඔහුට අදාළ දඩ මුදල නියම කර තිබූ නමුත්, එම තීරණය යළි සංශෝදනය කිරීමට හේතු වූ කරුණු කුමක්දැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර නැහැ.

Leave a comment