“අසන්තගේ තීරණයට අප ගරු කරනවා” – ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන් ඉල්ලා අස් වීමට අසන්ත ද මැල් මහතා ගත් තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගරු කරන බව එහි ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසනවා.
ඔහුගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඒ බව සදහන්.
තේරීම් කමිටු සභාපතිධූරයේ කටයුතු කළ සමයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට ස්තූතිය ද පල කරන බවයි ඈෂ්ලි ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ.