Ultimate magazine theme for WordPress.

අශ්වින් පහට – පෙරමුණේ සිටි ස්ටොක්ස් 3ට ඇද වැටෙයි – නවතම ශ්‍රේණිගත කිරීම් මෙන්න

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් නවතම ටෙස්ට් ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, එංගලන්තය සමග නිමා වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු තුන් ඉරියව්වෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ දී ඔහු කඩුලු 8ක් දවා ගත් අතර, ඉන්දීය දෙවන ඉනිමේ දී ශතකයක් ද රැස් කළා.

ඒ අනුව ඔහු පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 81 වන ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 14කින්.

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි අශ්වින් තවදුරටත් රැදී සිටින්නේ 7 වන ස්ථානයේ යි.

මේ අතර, පළමු ඉනිමේ දී ලකුණු 161ක් ලබා ගත් රෝහිට් ෂර්මා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 14 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

පළමු ඉනිමේ දී පිත්තෙන් දක්ෂතා දැක් වූ රිෂාබ් පාන්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

එංගලන්තයේ ජැක් ලීච් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 31 වන ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, මෙතෙක් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණේ රැදී සිටි බෙන් ස්ටොක්ස්ට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

Leave a comment