Ultimate magazine theme for WordPress.

අවුරුදු 17න් ජාත්‍යන්තරයට ආ ඉන්දීය කඩුලු රකින්නා ක්‍රිකට් පිටියට සමු දෙයි

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩකයෙකු වූ පාර්තිව් පටෙල් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

35 හැවිරිදි ඔහු ටෙස්ට් තරග 25කදී, එක්දින තරග 38කදී සහ 20යි 20 තරග 2කදී ඉන්දියාව නියෝජනය කළා.

2002 වසරේ දී ඔහු ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 17 හැවිරිදි ක්‍රීඩකයෙකු ලෙසයි.

ඒ, එංගලන්තයට එරෙහිව නොටින්හැම්හි පැවැති ටෙස්ට් තරගයක් සදහායි.

පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී යන ඔහු දෙවැනි ඉනිමේ දී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 19ක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පිටියේ දී කණ්ඩායම් 6ක් නියෝජනය කළ පටෙල් එහිදී තරග 139ක් ක්‍රීඩා කරමින් ලබා ගෙන ඇති අර්ධ ශතක සංඛ්‍යාව 13ක්.

Leave a comment