Ultimate magazine theme for WordPress.

අවිශ්ක, වනිදු සහ දසුන්ගෙන් සුපිරි දක්ෂතා

කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන Army Commander’s League 20යි 20 තරගාවලියේ තෙවැනි දිනයේ තරග අද(7) නිමා වුණා.

ඒ, Western Warriors කණ්ඩායමට ලකුණු 73ක සහ Southern Warriors කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි කර දෙමින්.

Western Warriors කණ්ඩායම සහ Eastern Warriors කණ්ඩායම අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Western Warriors කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 211ක් ලබා ගත්තා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 86යි.

පන්දු යැවීමේ දී අසේල ගුණරත්න ලකුණු 33කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Eastern Warriors කණ්ඩායමට පන්දුවාර 16.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

හිමාෂ ලියනගේ ලකුණු 27ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී තිසර පෙරේරා සහ මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මේ අතර, තරගාවලියේ 6 වන තරගය අද පැවැත්වුණේ Northern Warriors කණ්ඩායම සහ Southern Warriors කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Northern Warriors කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 125ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස Southern Warriors කණ්ඩායම  ඉනිම නිමා වීමට පන්දුවාරයක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

Northern Warriors කණ්ඩායම වෙනුවෙන් ජනක සම්පත් ලකුණු 27ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Southern Warriors කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිමේ දී ප්‍රියන්ත රත්නායක ලකුණු 49ක් රැස් කරමින් Southern Warriors ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී දසුන් ශානක කඩුලු 3ක් බිද හෙලීමට සමත් වුණා.

Leave a comment