Ultimate magazine theme for WordPress.

අවිශ්ක ඇතුළු 6ක් එංගලන්තයට එරෙහි ටෙස්ට් සංචිතයට

එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා තරගාවලියේ දී ආබාධයන්ට ලක් වූ ක්‍රීඩකයින් වෙනුවටයි.

දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මීට පෙර කටයුතු කළා.

කෙසේ වෙතත්, එම 22 දෙදෙනාට ඇතුළත් වූ ඇන්ජෙලෝ මැතිව්ස් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකා තරග සංචාරයට එක් වූයේ නැහැ.

ඒ හේතුවෙන් ක්‍රීඩකයින් 21 දෙනෙකු පමණක් දකුණු අප්‍රිකා තරග සංචාරය වෙනුවෙන් එක් වූ නමුත්, ඔවුන්ගෙන් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම මේ වන විට ආබාධයන්ට ලක්ව සිටිනවා.

ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළුව දකුණු අප්‍රිකා තරගාවලියට නම් නොකළ තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු එංගලන්තයට එරෙහි තරගාවලිය වෙනුවෙන් එක් වීමට ඉඩ ඇති බවටයි NewsWire වෙබ අඩවිය වාර්තා කර ඇත්තේ.

ඒ අතරට අවිශ්ක ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, රොෂේන් සිල්වා සහ ලක්ෂාන් සදකැන් යන ක්‍රීඩකයින් ඇතුළත්.

තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ලබන 14 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment