Ultimate magazine theme for WordPress.

අවිශ්කට එංගලන්ත තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන්.

එංගලන්ත තරගාවලිය සදහා පළමුව නම් කෙරුණු ක්‍රීඩකයින් 22 දෙදෙනා අතරට ඔහු ඇතුළත්ව සිටියේ නැහැ.

කෙසේ වෙතත්, නිමා වූ දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධවලට ලක්වීම හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට ආදේශ කිරීමටයි තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබුණේ.

දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 14 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment